Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 8, 2018

SpaceX දියත් කෙරේ

අමෙරිකාව විසින් පළමු broadband අන්තර්ජාල චන්ද්‍රිකා ව්‍යපෘතියෙහි අත්හදාබැලීම් සඳහා චන්ද්‍රිකා 2 ක් දියත් කෙරේ. එය නම් කර ඇත්තේ SpaceX ලෙසය. පසුගිය දා ඇමරිකා එක්සත් ජනපදය විසින් කැලිෆෝනියාවේ දී එරට පෞද්ගලික ගුවන් සමාගමක් වන SpaceX සමාගමට අයත් X Falcon 9 නමැති රොකට් යානයෙන් මෙම පරීක්ෂණ චන්ද්‍රිකා 2 ක ගුවන් ගත කර ඇත.



ඒ ලෝක ව්‍යාප්ත පුළුල් කලාප හෙවත් broadband අන්තර්ජාල හා අභ්‍යාවකාශ ව්‍යාපෘතිය වෙනුවෙනි. ලොවවටා පුළුල් පරාස අන්තර්ජාල පහසුකම් සපයන කුඩා ප්‍රමාණයේ චන්ද්‍රිකා 12,000 කින් දැවැන්ත තාරකා මණ්ඩලයක් නිර්මාණය කිරීමට ඉදිරියේදී මෙම සමාගම සැළසුම් කරන බව ද පැවසේ.