Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 26, 2018

MH370 ගැන සෙවීමේ කටයුතු නවතා දැමීමට තීරණය කරයි

වසර 04කට පෙර අතුරුදන් වූ එම්.එච් 370 මලයාසියානු ගුවන් යානයේ සෙවීමේ මෙහෙයුම් කටයුතු නවතා දැමීමට තීරණය කර ඇති බව මලයාසියානු රජය පවසයි.

ඇමෙරිකානු ආයතනයක් විසින් අතුරුදන් වූ යානය සෙවිම සඳහා මෙහෙයුම් සිදුකළ අතර ලබන 29 වනදා එම කටයුතු නවතා දැමීමට තීරණය කර ඇති බව මලයාසියානු ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කර තිබේ. මගීන් සහ කාර්ය මණ්ඩලය 239 දෙනෙකු රැගත් එම්.එච් 370 දරණ ගුවන් යානය මලයාසියාවේ ක්වාලලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් තිබියදී 2014 වසරේ මාර්තු මස 08 වනදා දකුණු ඉන්දීය මුහුදු ප්‍රදේශයේදී අතුරුදන්ව තිබුණ.

වසර 04ක් පුරා අදාළ ගුවන් යානය සෙවීම සඳහා මෙහෙයුම් සිදුකළ ද ඉන් සැලකිය යුතු තොරතුරක් අනාවරණය කරගැනීමට නොහැකි වී ඇති අතර එම මෙහෙයුම් කටයුතු සඳහා ඩොලර් මිලියන 160ක පමණ මුදලක් වැයවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.