Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 31, 2018

ලොව ඉපැරණි වයින් බෝතලෙත් වෙන්දේසි වේ

ලොව දැනට ඉතිරිව ඇති පැරණිම වයින් බෝතල් කිහිපයක් පසුගිය සෙනසුරාදා වෙන්දේසී කෙරිණ.

එය අමෙරිකාවේ නිදහස් ගිවිසුමටත් වඩා පැරණි බවයි, වාර්තා වන්නේ.  මෙම වයින් බෝතල් නිෂ්පාදනය කර තිබුණේ, 1774 වසරේ.  ඒ ප්‍රංශයේ 16 වැනි ලුවී රජතුමාගේ පාලන සමයේ. එක් වයින් බෝතලයක් අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ විසි දහසකටත් වැඩි මුදලකට අලෙවි විය.

අනෙක් බෝතල් දෙක අලෙවි වුණේ අමරිකානු ඩොලර් 85,000ත් 90,000ත් අතර මුදලකටය. මෙම වයින් බෝතල් ආහ්බුවා වර්ගයේ කහ වයින් බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි. මීට අමතරව, තවත් පැරණි වයින් බෝතල් 102 ක් මෙම වෙන්දේසියේ දී අලෙවි කෙරිණ.  මීට පෙර වයින් බෝතලයක් සදහා ලැබුණු ඉහළම ලන්සුව වන්නේ අමරිකානු ඩොලර් 66,000කි.