Social Icons

facebookrss feedemailtwitter

Monday, May 21, 2018

වෙනිසියුලාවේ ජනාධිපතිවරණය පැවැත්වේ

වෙනිසියුලාවේ ජනාධිපතිවරණය 20 වැනි දින පැවැත්විණ. මේ වසරේ දෙසැම්බර් මාසයේදී මෙම ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණ ද එරට පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් අතුරු මැතිවරණයක් ලෙස මාස කිහිපයකට පෙර එය පැවැත්වීම විශේෂත්වයකි.

එරට ජනාධිපති නිකලොස් මදුරෝගේ පාලනය තුළ වෙනිසියුලානු ආර්ථිකය බිඳ වැටී ඇති බවට චෝදනා එල්ල වී තිබේ. එමෙන්ම ඇමරිකාව විසින් වෙනිසියුලාවට ආර්ථික සම්බාධක ද පනවනු ලැබුවේ ජනපති මදුරෝට එරෙහිව දූෂණ චෝදනා එල්ලවීම සහ මානව හිමිකම් ගැටළු හේතුවෙනි.