Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 31, 2018

ඉරානයට දැමූ සම්බාධක අහිතකරයි

ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඉරානයට අලුතින් පනවා ඇති සම්බාධක ඉතා හානිකර බවත්, එයින් බරපතල ප්‍රතිවිපාක අත්විය හැකි බවත්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පෙන්වා දේ.

රුසියානු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර ජාත්‍යන්තර ආර්ථික සමුළුව අමතමිනි. එම අවස්ථාවට රුසියාවට ගොස් සිටින ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ද එක් වී සිටියේය. ඉරානයට නව සම්බාධක පැනැවීම සම්බන්ධයෙන් රුසියාව සහ ජනාධිපති පුටින් මීට පෙර ද ඇමරිකාවට අවස්ථා කිහිපයකදී දොස් නගා ඇත. ඉරානය සමඟ ඇතිකරගත් න්‍යෂ්ටික ගිවිසුමෙන්, ඇමරිකාව ඉවත් කර ගැනීමට  ට්‍රම්ප් කටයුතු කර තිබේ. ඇමරිකාව, ඉරානයට එරෙහිව වෙළෙඳ සහ ආර්ථික වශයෙන් සම්බාධක පැනැවීම සිදු කර ඇත්තේ ඒ අනුවයි.