Social Icons

facebookrss feedemailtwitter

Friday, May 25, 2018

චාවේස් හිතවාදී නිකලස් මදුරෝ නැවතත් ජනපති ලෙස දියුරුම් දේ

වෙනිසුවෙලාවේ මෑත කාලයේ දේශපාලනික වශයෙන් ලෝක අවධානය දිනාගැනීමට ජනප්‍රිය නායකයෙකු වූ හියුගෝ චාවේස් හේතුවූ බව බොහෝදෙනෙක් පිළිගන්නා කාරණයකි.

නමුත් චාවේස් පිළිකා රෝගයකට ගොදුරුවී 2013 වසරේ මිය යාමෙන් පසු ජනාධිපති ධුරයට පත් වූ ඔහුගේ අනුගාමිකයෙකු වන 55 හැවිරිදි නිකලස් මදුරෝ චාවේස් තරම්ම ජනප්‍රිය චරිතයක් නොවුවත් දිගටම සිය බලය රැකගෙන සිටීමට සමත්විය. ඒ බව පසුගිය 20 වැනි දින පැවැති වෙනිසුවෙලා ජනාධිපතිවරණයෙන් ද සනාථ විය. එහිදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 68 කට ආසන්න ප්‍රමාණයක් දිනා ගැනීමට ඔහු සමත් විය. ඒ අනුව ඔහු දෙවැනි වරටත් වෙනිසියුලාවේ ජනාධිපති ලෙස දියුරුම් දුන්හ.