Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 31, 2018

වසංගත රෝග ව්‍යාප්තවීමේ අවදානමක්

ගංවතුර තත්ත්වයෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශවල වසංගත රෝග ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

විශේෂයෙන් අවතැන් කඳවුරුවල සිටින ජනතාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ද සහාය ඇතිව විධිමත් සෞඛ්‍යාරක්ෂණ ක්‍රම අනුගමනය කළයුතු බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ. දිවයින වටා මුහුදු ප්‍රදේශයේ සුළං තත්වයේ වැඩිවීමක් අද දිනයේ  අපේක්ෂා කරන අතර මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකළපුව දක්වා මුහුදේ පැයට කිලෝමීටර් 70 ක පමණ සුළං පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.