Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 31, 2018

ඉතාලි ජනපතිට දෝෂාභියෝගයක්

ඉතාලි දේශපාලනය තුළ ආන්දෝලනයක් ඇති කරමින් එරට ජනපතිවරයාට දෝෂාභියෝගයක් එල්ලවීමේ අවදානමක් මතුව තිබේ.

මුදල් ඇමැති තනතුරට පාවෝලෝ සැවෝනා පත්කිරීම ජනපති සර්ජියෝ මැටරෙල්ලා විසින් ප්‍රතික්ෂේප කිරීම මෙයට හේතු වී ඇති අතර ජනපතිවරයා මොහු පත්කිරීම ප්‍රතික්ෂේප කර ඇත්තේ රට තුළ හා රටින් පිට සිටින ආයෝජකයන් ඊට විරෝධය දැක්වීම හේතුවෙනි. සන්ධානගතවීමට ප්‍රධාන පක්ෂ දෙකක සූදානම මින් වැළකී ගොස් තිබේ. මේ වනවිට ඉක්මන් මැතිවරණයක් එරට පැවැත්වීමේ ලකුණු පහළ වී ඇති අතර පසුගිය මාර්තු මාසයේ පැවැති මැතිවරණයේ සිට ඉතාලියේ රජයක් නොමැත්තේ බහුතරය ලබාගෙන රජයක් පිහිටුවීමට කිසිදු රජයක් අසමත්වීම හේතුවෙනි.