Social Icons

facebookrss feedemailtwitter

Monday, May 28, 2018

ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සංවිධානයේ වෙළඳාම පිලිබඳ සමුළුව පැපුවා නිව්ගිනියාවේදී

2018 ආසියා පැසිෆික් ආර්ථික සහයෝගිතා සංවිධානයේ වෙළඳාම සම්බන්ධ උසස් පෙළේ නිලධාරීන්ගේ සමුළුව පැවැත්වෙයි. ඒ පැපුවා නිව්ගිනියාවේ පොට් මොරෙස්බි අගනුවරදී.

බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට සහය ලබාදීම හා දියුණු කිරීම, කලාපීය ආර්ථික ඒකීයකරණය හා අන්‍යෝන්‍ය සබදකම් සහ සන්නිවේදනය ගැඹුරු කිරීම, ඩිජිටල් සංවර්ධනය මගින් අඛණ්ඩ සංවර්ධනය ඉදිරියට ගෙන යාම හා “2020 වසරින් පසු දැක්ම” යනාදී විවිධ තේමා පිළිබඳව එහිදී එම නියෝජිතයින් සාකච්ඡා කර තිබේ. එම සමුළුවේදී බහුපාර්ශ්වික වෙළඳාම ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් නියෝජිතයින් එකඟතාවන්ට පැමිණ තිබේ.