Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 29, 2018

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 20කට බලපෑම් - 23ක් මරුට

දිවයිනේ දිස්ත්‍රික්ක20කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ අනතුරු වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 23 දක්වා ඉහළ යයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ මේ වන විට පුද්ගලයින් 55,000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින බවයි. පසුගිය 16 වැනි දින සිට මේ දක්වා ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල විය. කෙසේ වෙතත් වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද සඳහන් කර සිටී.