Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 30, 2018

ආපදා තත්ත්වයෙන් අවතැන්වූ පුද්ගලයින් සංඛාව 75,000 ඉක්මවයි

දිස්ත්‍රික්ක 20කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 75,000 ඉක්මවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පවුල් 19,519කට අයත් පුද්ගලයින් 75,013 දෙනෙකු මේ වන විට අවතැන්ව සිටින අතර, ඔවුන් ආරක්ෂිත ස්ථාන 339ක රඳවා සිටින බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය. ආපදා තත්ත්වයෙන් පවුල් 43,604කට අයත් පුද්ගලයින් එක් ලක්ෂ 66,228කට පිරිසක් පීඩාවට පත්ව සිටියි. නිවාස 118කට පූර්ණ හානී සිදුව ඇති අතර නිවාස 5073කට අර්ධ හානී සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.