Social Icons

facebookrss feedemailtwitter

Monday, May 28, 2018

ඉරානයට එරෙහිව යුද ප්‍රකාශ කරන්න ට්‍රම්ප්ට බෑ - අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය

කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඉරානයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමට නොහැකි වන අයුරින්, ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට තහංචි පැනැවීමේ යෝජනාවක් සම්මත කර ගැනීමට ඇමරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පියවර ගෙන ඇත.

මෙම නව යෝජනාව ඒකමතිකව සම්මත කර ගැනීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට හැකියාව ලැබුණු බව ද පැවසේ. ඒ අනුව කිසියම් හේතුවක් නිසා ට්‍රම්ප් ඉරානයට එරෙහිව යුද ප්‍රකාශ කරන්නේ නම්, ඒ සඳහා කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වේ.

ට්‍රම්ප්ගේ ජනපති බලතල පාවිච්චි කරමින් ඔහුට එය කළ නොහැකිය. මෙම නව යෝජනාව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හමුවට ගෙනාවේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ නියෝජිත කීත් මොරීස් එලිසන්ය. ඇමරිකාවේ නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේත්, කොංග්‍රස් මණ්ඩලයේත් බහුතර ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයටය. එසේ තිබියදී ඉරානය සම්බන්ධයෙන් ට්‍රම්ප් තනිවම තීරණයක් ගන්නේ නම් එය වැළැක්වීම කළ යුතු බව රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ ද අදහස වී ඇත. ඔවුන් එම යෝජනාවට සහාය පළ කර ඇත්තේ එම නිසාය.