Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 20, 2018

කෘත්‍රිම බුද්ධියේ යහපත් භාවිතය

ජාත්‍යන්තර විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය මෙවර ද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සමරනු ලැබීය.

2018 වසරේ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය විසින් යොජනා කෙරුණු තේමාව වූයේ “සැමට කෘත්‍රිම බුද්ධියේ යහපත් භාවිතය” යන්නයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී දෙදින වැඩමුළුවක් ආරම්භ කෙරිණ. ජාත්‍යන්තර විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය සෑම වසරකම මැයි මස 17 වැනි දින සැමරේ.