Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 20, 2018

ජීනා - CIA ප්‍රධානියා කිරීමට සෙනට් අනුමැතිය

අමෙරිකානු සී.අයි.ඒ. රහස් ඔත්තු සේවයේ නව අධ්‍යක්ෂවරිය ලෙස 61 හැවිරිදි ජීනා හාස්පෙල් (Gina Haspel) පත් කිරීමට එරට සෙනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

නව අධ්‍යක්ෂවරියගේ පත්වීමට එරට සෙනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත්තේ ඡන්ද 54 ට 45ක් ලෙසයි. සී.අයි.ඒ. රහස් ඔත්තු සේවය සදහා කාන්තාවක් පත්වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. 1956 ඔක්තෝබර් 01වනදා උපන් ඇය අමෙරිකානු බුද්ධි අංශය පිළිබඳ මනා දැනුමක් ඇති කාන්තාව ලෙස ප්‍රසිද්ධයි. මෙතෙක් සී.අයි.ඒ. සංවිධානයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ මයික් පොම්පේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ලෙස පත් කිරීමත් සමගයි අදාළ තනතුරු පුරප්පාඩු වී පැවතුණේ.