Social Icons

facebookrss feedemailtwitter

Friday, May 25, 2018

අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 1.6කින් පහළට

ඉකුත් අප්‍රේල් මාසයේදී උද්ධමනය සියයට 1.6ක් දක්වා පහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මේ අනුව මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත සියයට 1.6ක් අඩු වී තිබේ.

මේ වසරේ මාර්තු මාසයේ පැවැති සියයට 2.8ට සාපේක්ෂව 2016 වසරේ පෙබරවාරි මාසයේ සිට මෙතෙක් වාර්තා වූ අඩුම උද්ධමනය අප්‍රේල් මාසයේදී වාර්තා වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී. පසුගිය අප්‍රේල් මස ලක්ෂ්‍යමය උද්ධමනයේ සිදු වූ මෙම පහළ යෑමට පසුගිය වසරේ (2017) අප්‍රේල් මාසය තුළ දී විශේෂයෙන්ම ආහාර කාණ්ඩයේ මිල ගණන්වල ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස පැවැති ඉහළ පදනම් අගය දායක වූ බව ද මහ බැංකුව සඳහන් කරයි.  වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස මේ වසරේ මාර්තු මාසයේදී සියයට 6.7ක් වූ අතර එය අප්‍රේල් මාසයේදී සියයට 6.1ක් දක්වා අඩු වූ බව ද මහ බැංකුව පවසයි.