Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 20, 2018

දුමින්ද සිල්වාගේ අභියාචනය වැඩිදුර විභාගය ජූනි මස 04 වනදාට කල් තැබේ

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි පිළිගෙන තිබේ.

අග විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට පැවැත්වේ. මෙහිදී විත්ති පාර්ශවයේ නීතිඥවරුන් විසින් කරුණු ඉදිරිපත් කිරීම් සිදුකළා. තමන්ට දඬුවම් පනවා ඇති ආකාරය නීති විරෝධී යයි පෙන්වා දෙන විත්තිකරුවන් එම චෝදනා වලින් තමන්ව නිදොස්කට නිදහස් කරන මෙන් ඉල්ලා එම අභියාචනය ඉදිරිපත් කර ඇත.