Social Icons

facebookrss feedemailtwitter

Friday, May 25, 2018

ඩමස්කස් සිරියානු හමුදා යටතට

වසර 7 කට පසුව ඩමස්කස් නගරය ආශ්‍රිත ප්‍රදේශය මුළුමනින් අත්පත් කර ගැනීමට සිරියානු හමුදා සමත්වී තිබේ. එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බව එරට හමුදා වාර්තා සඳහන් කරයි.

සිරියානු යුද්ධය ආරම්භවූ 2011 වර්ෂයේ සිට අල් හජාර් අල් අස්වද් දිස්ත්‍රික්කය පැවතුණේ අයි එස් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේය. ප්‍රදේශය මුදා ගැනීමේ මෙහෙයුම් පසුගිය අප්‍රේල් මාසයේදී ආරම්භ කළේය. එම මෙහෙයුම්වලදී විශාල පිරිසක් මියගිය අතර, ලක්ෂ ගණනක් ජනතාව අවතැන් විය. එමෙන්ම නිවාස ඇතුළු දේපළ රැසක් ද ගැටුම් වලින් විනාශ වී තිබේ. ඩමස්කස් නගරය ආශ්‍රිත ප්‍රදේශයේ බලය මේ වනවිට පවතින්නේ සිරියානු හමුදා යටතේය.