Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 27, 2018

ට්‍රම්ප් එනතුරු කිම් ජොං උන් තවමත් බලාපොරොත්තු සහගතව බලා සිටී

ඇමෙරිකා ජනාධිපති සමග ඕනෑම වේලාවක කුමන හෝ ස්ථානයක දී සාකච්ඡා කිරීමට සුදානම් බව  උතුරු කොරියා නායකයා පවසයි.

කිම් ජොං උන් සමග යෝජිත වී තිබූ සාකච්ඡා ට්‍රම්ප් විසින් අවලංගු කිරීමත් සමග මේ බව සඳහන් කර ඇත. උතුරු කොරියා නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය Kim Kye - gwan සඳහන් කර ඇත්තේ, ට්‍රම්ප්ගේ තීන්දුව “අතිශය කණගාටුවක්” වන බවයි.

ඒ අනුව, අපේක්ෂා කළ සාකච්ඡාවට තවමත් සූදානම් බව උතුරු කොරියාව අවධාරණය කරයි. ජුනි 12 වන දින සිංගප්පූරුවේ දී සමුළුව පැවැත්වීමට යෝජිතව තිබිණ. ඒ අනුව ඇමෙරිකාව අවධාරණය කළේ උතුරු කොරියාව න්‍යෂ්ටික කටයුතු වලින් සම්පූර්ණයෙන් ඉවත්ව සාකච්ඡා සඳහා සහභාගීවන ලෙසයි. ඊට ප්‍රතිචාරයක් ලෙස උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීමේ මධ්‍යස්ථානයක් විනාශ කරමින්  සිය පොරොන්දුව ඉටු කළහ. එම ස්ථානයෙන් බලගතු පිපිරීමක් ඇසුනු බව Punggye - ri ප්‍රදේශයේ සිටි වාර්තාකරුවන් ද සදහන් කළේය. ඉන් පැය කිහිපයක් ගත වන්නටත් පෙර 24 වැනි දින ඇමරිකානු ජනාධිපතිවරයා එම යෝජිත සමුළුව අවලංගු කළේය.

කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප් පසුගියදා උතුරු කොරියා නායකයාට ලිපියක් ද යොමු කර තිබිණ.

මේ අතර, උතුරු කොරියාව සමඟ ඵලදායී සාකච්ඡා වට කිහිපයක්ම පැවැති බව ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍යට ඊයේ ( 26) සදහන් කර තිබිණ. තමන් ඕනෑම අවස්ථාවක ඕනෑම අයුරින් ප්‍රශ්න විසඳා ගැනීමට කැමැති බව උතුරු කොරියාව ඇමරිකා එක්සත් ජනපදයට පවසා ඇති බව එහිදී ට්‍රම්ප් පවසා ඇත.
එම සිදුවීම් දාමයෙන් පසු නැවතත් දෙරටට අතර සාකච්ඡා පැවැත්වී ඇතැයි වාර්තා වන අතර ට්‍රම්ප් ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඵලදායී සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වුණු බව ප්‍රකාශ කළේ ඉන් අනතුරුවය.  “සැලැසුම් කළ පරිදිම ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදීම හමුව පැවැත්වීම සම්බන්ධයෙන් පලදායී සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වුණා. එදිනට හමුව පවත්වන්න බැරි වුණොත් අපි වෙනත් දිනයක් යොදා ගන්නවා” ජනාධිපති ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ තවදුරටත් දැක්විණි.