Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 20, 2018

නිර්නියෂ්ටීකරණය හමුවේ කිම් ජොන්ට බලයේ රැදී සිටිය හැකියි

න්‍යෂ්ටික ආයුධ අත්හැරිය හොත් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ට දිගටම බලයේ රැඳි සිටිය හැකි යැයි ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 

දකුණු කොරියාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක නිරත වීමත් න්‍යෂ්ටික අවි අත්හරින්නැයි නිරන්තරයෙන් අවධාරණය කිරීමත් නිසා උතුරු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පසුගිය දින කිහිපයේදී මතභේදාත්මක තත්ත්වයක් උද්ගත විය. ඇමරිකා එක්සත් ජනපදය දකුණු කොරියාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක නිරත වීම සාමය සඳහා මෙතෙක් ගත් ක්‍රියාමාර්ග සියල්ල අපතේ හැරීමක් යැයි සඳහන් කළ උතුරු කොරියාව ඇමරිකා එක්සත් ජනපදය න්‍යෂ්ටික අවි අත්හරින්නැයි තමන්ට අඛණ්ඩව සහ ඒකාපාර්ශවිකව බලපෑම් කළහොත් ජූනි 12 වැනිදා දෙරටේ නායකයන් අතර පැවැත්වීමට නියමිතව තිබෙන හමුව අවලංගු කරන බව ද අවධාරණය කළේය. ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතව තිබෙන හමුව සාර්ථක වුවහොත් “කිම්ට ලැබෙන ආරක්ෂාව ඉතා ශක්තිමත් වේවි” යැයි ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.