Social Icons

facebookrss feedemailtwitter

Monday, May 28, 2018

විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීම ලබන මස 5 සහ 6 දෙදින

2015 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත 2017 වර්ෂය සඳහා දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක පාඨමාලා 27 ක් සඳහා ශික්ෂණලාභීන් 4746  දෙනෙකු බඳවා  ගැනීම  ලබන ජූනි මස 05 සහ 06  යන දෙදින තුළ සිදු කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පළමු සම්මුඛ පරීක්ෂණයෙන් තේරී පත්වී ඇති අයදුම්කරුවන්ගේ සුදුසුකම්වල නිරවද්‍යතාවය දෙවනවර පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉහත සඳහන් දිනයන්හි දී ඔවුන් අදාළ විද්‍යාපීඨවල ලියාපදිංචි කරනු ලැබේ. ඒ සඳහා වන කැඳවීම් ලිපි ඉදිරි සතිය තුළ අදාළ අයදුම්කරුවන් වෙත තැපැල් මගින් යොමු කරනු ලැබේ.