Social Icons

facebookrss feedemailtwitter

Monday, May 21, 2018

ගුවන් ගත කර සුළු වේලාවකින් අනතුර සිදුව ඇති බව අනාවරණය වේ

කියුබාවේ ගුවන් අනතුරකින් පුද්ගලයින් 110 ක් මියගොස් ඇති බව එරට රජය ප්‍රකාශ කරයි.

පසුගිය සිදුරාදා දින (18) කියුබාවේ හොල්ගින් සිට ගමන් ඇරඹූ බෝයින් 737 වර්ගයේ අදාළ ගුවන් යානය හවානා හි ජෝසි මාටි අන්තර්ජාතික ගුවන්තොටුපල ආසන්නයේදී අනතුරට ලක්ව තිබිණ.

අනතුරින් මියගිය අය අතර කියුබානු ජාතිකයින් 99 දෙනෙක් සිටී. මෙක්සිකානු ජාතිකයින් 06 දෙනෙක් සහ ආර්ජන්ටියානු ජාතිකයින් 02 කු ද වන බව පැවසේ. මේ වන විට මළ සිරුරු 15 ක් හඳුනාගෙන ඇත. මේ අතර යානයේ කලු පෙට්ටිය සොයා ගැනීමට ද හැකි වී ඇති බව පැවසේ. එය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා භාවිත කළ හැකි බව බලධාරීන් පවසති.

ගුවන් තොටුපලින් යානය පිටත් වී සුලු වේලාවකින් පසු මෙම අනතුර සිදු වී ඇති බව පැවසේ. දශක ගණනාවකට පසුව කියුබාව මුහුණ දුන් දරුණුතම ගුවන් අනතුරක් නිසා දින දෙකක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කිරීමට රජය ක්‍රියා කර ඇත.