Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 29, 2018

ඇමෙරිකාවේ ප්‍රන්ත 3 කට හදිසි තත්ත්වයක්

සුළි කුණාටු අවදානමක් හේතුවෙන් අමෙරිකාවේ ප්‍රන්ත තුනකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. “ඇල්බර්ටෝ” සුළි කුණාටුවේ අවදානම හේතුවෙන් ෆ්ලෝරිඩා, මිසිසිපි සහ ඇලබාමා යන ප්‍රන්තවලට මෙම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සුළි කුණාටු තත්ත්වයත් සමඟ අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වයන් හටගැනීමේ හැකියාව පවතින අතර, ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීම මෙහි අරමුණ වී ඇති බව ප්‍රන්ත බලධාරීන් ප්‍රකාශ කරනු ලැබීය. මේ අතර දකුණු දිග බ්‍රිතාන්‍යට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති විය හැකි අකුණු අනතුරු පිළිබඳ අවදානයෙන් පසුවන ලෙස එරට කාලගුණ බලධාරීන් අනතුරු ඇඟවීම් සිදුකර තිබේ. 26 වැනි දින රාත්‍රී පැය 04ක පමණ කාලයක් තුළ පැවති වර්ෂාවත් සමඟ අකුණු ගැසිම් 15,000 ක් පමණ සිදුව ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කළේය.