Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 26, 2018

සෞඛ්‍යයට මිලියන 1810ක සහ උසස් අධ්‍යාපනයට මිලියන 900ක ඕස්ට්‍රියාවෙන් පොලී රහිත ණයක්

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ උන්නතිය සඳහා රුපියල් මිලියන 1810 ක මුදලක් ද, උසස් අධ්‍යාපන අංශයේ නවීකරණ කටයුතු සඳහා රුපියල් මිලියන 900 ක මුදලක් ද ලෙස රුපියල් මිලියන 2710 ක පොලී රහිත ණය පහසුකම් දෙකක් ලබාදීමට ඕස්ට්‍රියානු රජය එකඟතාවය පළ කෙළේය.

ඒ පිළිබඳව ගිවිසුමට ඕස්ට්‍රියානු සඳහා තානාපති කාර්යාලයේ ආර්ථික කටයුතු උපදේශිකා ආචාර්ය ඔස්කාර් ඇන්ඩෘස්නර් මහත්මිය හා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ‍ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග යන මහත්ම මහත්මීහු කොළඹදී අස්සන් තැබූහ. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ වෛද්‍ය පීඨවල පහසුකම් වැඩිදියුණු කිරීමට මෙම මුදල යොදාගනු ලැබේ. ඉහළ හැකියාවන්ගෙන් හා කුසලතාවලින් පිරි මානව සම්පතක් බිහිකර ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳ පොළ දිනාගැනීමට මෙම ණය පහසුකම ඉවහල් වනු ඇති.