Social Icons

facebookrss feedemailtwitter

Monday, May 28, 2018

ඩොලර් මිලියන 539 ක් “Samsung” සමාගමට “Apple” සමාගමට ගෙවීමට සිදුවේ

iPhone ජංගම දුරකතනයේ මුල් පිටපතෙහි ඇතුළත් අංග අනුකරණය කිරීමේ චෝදනාව මත “ඇපල්” සමාගමට ඩොලර් මිලියන 539ක වන්දියක් ගෙවන ලෙස ඇමරිකානු අධිකරණයක් දකුණු කොරියාවේ “සැම්සුන්’’ සමාගමට නියෝග කර තිබේ.

තමන් සතු සමහර පේටන්ට් බලපත්‍ර සැම්සුන් සමාගම උල්ලංඝනය කර ඇති බව පවසමින් ඇපල් සමාගම 2011 දී නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබුණි. ඉන් වසරකට පසු ඇපල් සමාගමට වන්දි වශයෙන් ඩොලර් බිලියන 1.05ක් ගෙවීමට සැම්සුන් සමාගමට සිදු විය.

නමුත් ගෙවිය යුතු සම්පූර්ණ වන්දි මුදල සම්බන්ධයෙන් සැම්සුන් සමාගම විරුද්ධ වූ බැවින් ඒ පිළිබඳ දීර්ඝ නඩු විභාගයක් පැවතිණ. වසර ගණනාවක අධිකරණ ක්‍රියාවලියකින් පසු ලබා දුන් නව තීන්දුව අනුව ඇපල් ජංගම දුරකතනයේ නිර්මාණය සඳහා වන පේටන්ට් බලපත්‍ර තුනක් උල්ලංඝනය කිරීමේ වරදට වන්දි වශයෙන් ඩොලර් මිලියන 533.3ක් ගෙවීමට සැම්සුන් සමාගමට සිදුවේ. iPhone හි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඇති පේටන්ට් බලපත්‍ර දෙකක් උල්ලංඝනය කිරීමට වන්දි වශයෙන් ඉතිරි මුදල ගෙවිය යුතුය. මේ අනුව ගෙවිය යුතු මුළු වන්දි මුදල ඩොලර් මිලියන 539 ක් වන බව පැවසේ.