Social Icons

facebookrss feedemailtwitter

Monday, May 28, 2018

බුද්ධගයා ප්‍රහාරය පිළිබදව පැවති නඩු විභාගය අවසන්

2013 වසරේ බුද්ධගයාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය අධිකරණයක් විසින් පුද්ගලයින් 02 ක් වරදකරුවන් කෙරේ.

ඉන්දීය විශේෂ අධිකරණය ඔවුන් වරදකරුවන් බව ප්‍රකාශයට පත් කෙරුණේ, ඊට අදාළ නඩු විභාගය අවසන් කරමිනි. වරදකරුවන්ට ලබා දෙන දඬුවම් පිළිබදව ලබන 31 වැනි දින අධිකරණය මගින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. 2013 වසරේ ජූලි 07 වැනි දින බුද්ධගයාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඉන් එක් සැකකරුවෙකු බාල වයස්කරුවෙකු බැවින් මීට පෙර පරිවාස භාරයට යොමු කර තිබේ.