Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 31, 2018

සඳ මත ඇවිද ගිය සිව්වන මිනිසා සමුගනී

ඇපලෝ - 12 යානයෙන් චන්ද්‍ර ගවේෂණයේ යෙදුණු, සඳ මත ඇවිද ගිය සිව්වන මිනිසා වන ඇමරිකානු ගගනගාමී ඇලන් බීන් වයස අවුරුදු 86 ක්ව සිටියදී ටෙක්සාස් හිදී ඊයේ අභාවප්‍රාප්ත විය.

ඇමරිකානු නාවික හමුදා ගුවන් නියමුවෙකු වූ ඇලන් බීන් දෙවරක් අජටාකාශය තරණය කළ අතර, 1969 වසරේ ඇපලෝ 12 චාරිකාවේදී සඳ මත ඇවිදීමට එක්විය. 1973 වසරේදී ඔහු ප්‍රථම ඇමරිකානු අභ්‍යාකාශ මධ්‍යස්ථානය වූ ස්කයිලැබ් හි අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේය. පසුකාලීනව කලාවට යොමුවූ ඇලන් බීන් තමා අජටාකාශයේදී දුටුදෑ සිතුවමට නැගීමෙන් ඉමහත් ප්‍රසිද්ධියට පත්විය.