Social Icons

facebookrss feedemailtwitter

Monday, May 28, 2018

දකුණේ වෛරස් උණ අනෙක් පළාත් වලට ද පැතිර යාමේ අවදානමක්

දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය අනෙකුත් පළාත් වලට ද පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

එහි වසංගත රෝග විද්‍යා ඒකකයේ වෛද්‍ය අනිල් දිසානායක මහතා ප්‍රකාශ කළේ මේ වන විට දකුණු පළාතේ වයස අවුරුදු 2ට අඩු දරුවන් 11 දෙනෙකු මිය ගොස් ඇති බවයි. වෛරස් උණ සමග ඇති වූ සංකුලතා හේතුවෙන් එම මරණ සිදු ව ඇති බව ද වෛද්‍ය අනිල් දිසානායක මහතා ප්‍රකාශ කළේය. වෛරස් උණ රෝගය වැළඳුණු රෝගීන් තවදුරටත් පළාත් රෝහල්වල ප්‍රතිකාර ලබන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජී.විජේසූරිය මහතා පවසයි. ඔහු සඳහන් කළේ ඇල්පිටිය, බලපිටිය, කඹුරුපිටිය, තංගල්ල සහ වලස්මුල්ල යන මූලික රෝහල් ආශ්‍රිතව රොගීන් බහුලව වාර්තා වන බවයි.