Social Icons

facebookrss feedemailtwitter

Monday, May 28, 2018

උතුරු නැගෙනහිර හෙද හිගයට විසදුමක්

උතුරු නැගෙනහිර රෝහල්වල පවතින හෙද හිගය විසදුමක් ලෙස උසස් පෙළ සමතුන් බදවා ගැනේ. ඒ සදහා උතුරු හා නැගෙනහිර පළාත්වල ඕනෑම විෂය ධාරාවකින් 2015 / 2016 / 2017 වසර වල උසස් පෙළ විභාගය සමත් පුද්ගලයන්ට ඒ සදහා ඉල්ලුම් කළ හැකියි.

මේ සදහා අමාත්‍ය මණ්ඩලයේ සහ රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතිය හිමිව තිබේ.  මේවන විට දිවයින පුරා හෙද හෙදියන් 31,000 කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරන අතර සියලු රෝහල්වල පවතින පුරප්පාඩු සංඛ්‍යාව 7000 කට අධික බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කරයි.