එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රයෙන් පොස්පේට් පොහොර නිෂ්පාදනය පිළිබඳ ව ශක්‍යතා අධ්‍යනයක් සිදුකිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් විද්වත් කමිටුවක් පත් කර තිබේ.
ඒ අනුව එම විද්වත් කමිටුවේ සභාපතිවරයා වශයෙන් කෘෂිකර්ම රාජ්‍ය ලේකම් ඩී.වී. බන්දුලසේන මහතා කටයුතු කරන අතර ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන්, ඩබ්.එම්.එම්.බී. වීරසේකර, එස්.එල්.ජී. බන්දුසිරි, ආචාර්ය ජෙරී ජයවර්ධන, ආචාර්ය ජේ.ඩී.එච්. විජේවර්ධන, ඩබ්.ආර්.යූ.ඩී. බණ්ඩාර සහ ප්‍රභාත් විතාරණ යන මහත්වරුන්ගෙන් මෙම විද්වත් කමිටුව සමන්විත වේ.
මෙකී විද්වත් කමිටුව පත්කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ පොහොර මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 35,000 කට වැඩි ප්‍රමාණයක් විදේශ රටවලට ඇදී යන බැවින් මිලියන 9,000 ක් දේශීය පොහොර නිෂ්පාදනය කිරීම සඳහා යෙදීම කිසිසේත්ම අසාධාරණ නොවන බවයි. එම නිසා 2019 ජනවාරි, පෙබරවාරි මාස වන විට එප්පාවල පොස්පේට් නිධිය මඟින් දේශීය පොහොර නිෂ්පාදනය ආරම්භ කිරීම ඉලක්ක කරමින් වැඩකටයුතු කළ යුතු යැයි ද අමාත්‍යවරයා පවසා ඇත.