Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 31, 2018

ජාතික නාමල් උයන මතු පරම්පරාවට උරුම කරදීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරාදීමට යයි

ජාතික,ආගමික හා භූගෝලීය වශයෙන් කීර්තියට පත් රෝස තිරුවානා කන්දේ පිහිටි නාමල් උයන අනාගත පරපුරට සුරක්ෂිත කොට දැකබලා ගැනීමටත්,

සංචාරක ආකර්ෂණය ඇති කොට සංවර්ධනය කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත ගිවිසුමක් මඟින් පවරා දීමට තීරණය කර තිබෙන බව ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ පවසති. “ජාතික නාමල් උයන සුවිශේෂී පරිසර පද්ධතියකි. ජාතික වශයෙන් භූගෝලීය, ආර්ථික, සමාජීය හා ආගමික වශයෙන් වැදගත් වේ. 1991 වර්ෂයේ ජාතික නාමල් උයන ආරම්භ කළේය”.