Social Icons

facebookrss feedemailtwitter

Friday, May 25, 2018

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප සියයට 34 කින් ඉහළට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේදී ලැබූ විශාලම මූල්‍ය ප්‍රගතිය මත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ වැටුප් 2018 – 2019 වසරේදී සියයට 34 කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

කොන්ත්‍රාත් ගිවිසුම්වලට එළැඹ ඇති ක්‍රීඩකයින් 33 හට මේ වැටුප් වැඩි කිරීමට අමතරව ටෙස්ට්, එක්දින හා 20- 20 තරග දීමනා ද වැඩි කෙරෙනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේදී විශාල ලෙස ලාභ ලැබුණු බවත්, මෙයට ප්‍රධාන වශයෙන් හවුල්කරුවන් වූයේ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයින් වන බවත් ඔවුන්ගේ සේවාවට කෘතගුණ සැළකීමක් ලෙස වැටුප් වැඩි කිරීමට තීරණය කළ බව ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.