Social Icons

facebookrss feedemailtwitter

Monday, May 21, 2018

ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර නව ගුවන් සේවා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර නව ගුවන් සේවා ගිවිසුමකට අත්සන් තැබේ. රටවල් දෙක අතර සිදු කෙරෙන සංචාරක කටයුතු ඉහළ නැංවීමේ අරමුණෙන් රජය මෙම ගිවිසුමට අත්සන් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත.

සර්බියානු ජනරජයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය “ඉවිකා දාචිච්” මහතාගේ දෙදින ශ්‍රී ලංකා නිල සංචාරය අතරතුර දී මෙම ගිවිසුමට එළැඹි බව පැවසේ.


දෙරටේ විදේශ කටයුතු අමාත්‍යවරුන් ආයෝජන අවස්ථා, කෘෂිකාර්මික, ආහාර සැකසුම්, හා ඉදිකිරීම් කේෂ්ත්‍රයන්හී මෙරට පවතින ආයෝජන අවස්ථාවන්, අධ්‍යාපන, ක්‍රීඩා, ප්‍රවාහන, හා සංචාරක කේෂ්ත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීම යන කරුණු පිළිබඳ වැඩි අවධානයක් යොමු කර තිබේ.