Social Icons

facebookrss feedemailtwitter

Monday, May 21, 2018

පොහොර අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වශයෙන් නම් කිරීමට යයි

පොහොර අත්‍යාවශ්‍යභාණ්ඩයක් බවට පත් කිරීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

පොහොර වෙළඳපලේ අලෙවි කළ හැකි උපරිම මිල සඳහන් කළ ගැසට් පත්‍රය වහා ප්‍රකාශයට පත් කරන ලෙස විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇති බව පැවසේ.

විවිධ මිල ගණන් යටතේ පොහොර අලෙවි කිරීමට කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා සිදු කරන වැටලීම් අඛණ්ඩව සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි. මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (21) පැවැත්වේ.