Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 26, 2018

නක්බා දිනයට අවුරුදු 70 යි

නක්බා දිනය හෙවත් ඛේදවාචකයේ දිනයට වසර 70ක් සැපිරිණ. 1948 වසරේදී පලස්තීනය දෙකඩ කර ඊශ්‍රායලය පිහිටුවීම සහ පලස්තින ජාතිකයන් ලක්ෂ 07ක් ජෝර්දානය, සිරියාව, ඊජිප්තුව ආදි රටවලට පිටුවහල් කිරීම ඇතුලු කරුණු හේතුවෙන් මෙම නක්බා දිනය සමරනු ලබයි.

“ඊශ්‍රයල් පලස්තීන අර්බුදය ලෝකයේ මෙතෙක් පැවති පැරැණිම යුද්ධ වලින් එකක් වශයෙන් සැළකේ.

1948 වසරේදී එතෙක් පැවති පලස්තීනය දෙකඩ කර ඊශ්‍රායලය බිහිකරනු ලැබීය.  දීර්ඝ කාලයක් පුරා එම ප්‍රදේශවල ජීවත්ව සිටි පලස්තිනුවන් එහිදී පලවා හරිනු ලැබීය. එයට පෙර සිටම පලස්තීනයත් ශ්‍රි ලංකාව වගේම යටත් විජිතවාදී රාජ්‍යයක් ලෙස පැවතිණ. යුදෙවු ජාතිකයන් සහ පලස්තීනුවන් අතර හටගත් මෙම ගැටුමට මහා බ්‍රිතාන්‍යය මූලිකව වගකිව යුතුය. ඔවුන් සිදුකළ ක්‍රියාදාමයේ කෙටසක් ලෙස මෙම ගැටුම් දිනෙන් දින උග්‍ර විය. ඒ නිසා මෙහි වගකීම සම්පුර්ණයෙන්ම මහා බ්‍රිතාන්‍යය භාරගත යුතුයි යනුවෙන්ද ඔහු කියා සිටියේය.

1948 වසරේදි සිදුවූ මෙම සිදුවීම ලෝකයේ සිදුවූ දැවැන්තම ඛේදවාචකයක් වශයෙන් හදුන්වා දිය හැකියි. මේ ඛේදවාචකය නිසා පලස්තීනුවන් හත් ලක්ෂයකට උන් හිටි තැන් අහිමි විය. බොහෝ පලස්තීනුවන් වෙනත් රටවලට පලා ගොස් පිරිසක් ඊශ්‍රයලයේ රැඳී සිටියහ.
සමස්ත ලෝකයේම ප්‍රගතිශිලී ජනතාව නක්බා දිනය සැමරුවත් ඊශ්‍රාලයේ සිටින පලස්තිනුවන්ට තම ඥාතීන් සැමරිමට අවස්ථාවක් උදාවී නොමැත. තෙල් අවශ්‍යතාව නිසා ඇමරිකාව අද මෙම ගැටුමට මැදිහත් වී සිටී. මැද පෙරදිග කලාපයේ යුද්ධ ඇති කර ගනිමින් ඔවුන් තමන්ට වාසි ලබා ගනිමින් සිටින බවට ලෝක දේශපාලන විචාරකයින් පෙන්වා දේ.