Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 27, 2018

නැවක ඉදි කළ ලොව පාවෙන පළමු න්‍යෂ්ටික බලාගාරය

මෙම න්‍යෂ්ටික බලාගාරය රුසියාවට අයත් වේ. “පාවන චර්නෝබිල්” සහ “න්‍යෂ්ටික ටයිටනික්” ආදී නම් වලින් හැඳින්වෙන මේ බලාගාරය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකකින් සමන්විත ය.

බලාගාරයේ බර ටොන් 21,500ක් බැව් සඳහන් වේ. එමෙන්ම එය මීටර 144ක් දිගති ය. මීටර 30ක් පළලැති ය. මීටර 10ක් උසැති ය. බලාගාරයේ ධාරිතාව මෙගාවොට් 70ක් පමණ බව බලධාරීහු පවසති. බලාගාරය පවත්වාගෙන යන්නට 69 පමණ කාර්යය මණ්ඩලයක් අවශ්‍යය වේ. පාවන චර්නෝබිල් බලාගාරය ඉදි කිරීමට ඇමෙරිකා ඩොලර් මිලියන 94කට අධික මුදලක් වැය කර ඇත. එය ස්ථාපනය කිරීමෙන් පසු ලක්ෂයකට අධික පිරිසකට වසර පහක් පුරා අඛණ්ඩව විදුලි බලය ලබා දීමේ හැකියාව පවතී. බලාගාරයට න්‍යෂ්ටික ඉන්ධන ලබා දිය යුතු වන්නේ නැවත වසර පහකට පමණ පසුවය.


“පාවන චර්නෝබිල්” බලාගාරය ඉදි කිරීම් කටයුතු සිදුකර තිබෙන්නේ රුසියා රජයට අයත් සමාගමක් වන රොස්ඇටම් සමාගමයි. සමාගම අපේක්ෂා කරන ආකාරයට බලාගාරය සාර්ථකව පවත්වාගෙන යෑමට හැකි වුවහොත් කුඩා පරිමාණයේ පාවන න්‍යෂ්ටික බලාගාර කිහිපයක් ඉදි කෙරෙනු ඇත. එම කුඩා ප්‍රමාණයේ පාවන න්‍යෂ්ටික බලාගාර, රුසියාවේ දුෂ්කර ප්‍රදේශවල බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා යෙදවීමට නියමිතය. මෙම පා‍ෙවන න්‍යෂ්ටික බලාගාර සංකල්පය හඳුන්වා දෙන්නේ ඉතාමත් දුෂ්කර ප්‍රදේශවල ජීවත් වන ජනයාගේ බලශක්ති අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහාය.

2020 වන විට චීනයත් පා‍ෙවන බලාගාර ඉදි කිරීම ආරම්භ කරනු ඇත. ඇල්ජීරියාව, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ආර්ජන්ටිනාව වැනි රටවල්ද පා‍ෙවන න්‍යෂ්ටික බලාගාර සිය රටවල භාවිතයට ගැනීමට සැලසුම් කර තිබේ. එනිසා පාවන න්‍යෂ්ටික බලාගාරවලට එම රට වලින් විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බැව් සඳහන් වේ.