Social Icons

facebookrss feedemailtwitter

Friday, May 25, 2018

ට්‍රම්ප් - කිම් ජොන්ග් හමුව වෙනුවෙන් සමරු කාසියක්

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන්ගේ හමුව නිමිත්තෙන් ධවල මන්දිර සන්නිවේදන ආයතනය සමරු කාසියක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඇමරිකාව උතුරු කොරියාව යන රටවල නිල නාමයන්, නායකයන් දෙදෙනාගේ නම් සහ ඔවුන් දෙදෙනාගේ ඡායාරූප මෙන්ම ‘සාම කතා’ යන වචන කාසියෙන් නිරූපණය වේ. එමෙන්ම රටවල් දෙකේ ජාතික ධජ ද නිරූපණය කර තිබේ.  ඇමරිකා ජනාධිපතිවරයා නම ‘ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්’ යනුවෙන් ද උතුරු කොරියානු නායකයාගේ නම ‘උත්තරීතර නායක කිම් ජොන්ග් උන්’ යනුවෙන් ද මෙම විශේෂ සමරු කාසියේ සඳහන්ව තිබේ.  ධවල මන්දිර සන්නිවේදන ආයතනය මේ අයුරින් විදෙස් අමුත්තන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ හමුදා සාමාජිකයන් නිරූපණය කරමින් සමරු කාසි නිකුත් කරයි. ඇමරිකා ජනාධිපතිවරයාගේ සහ උතුරු කොරියානු නායකයාගේ හමුව වෙනුවෙන් නිකුත් කළ මෙම සමරු කාසිය ‘ධවල මන්දිර ත්‍යාග කාර්යාලයෙන්’ මිලදී ගත හැකි බව ද ධවල මන්දිර සන්නිවේදන ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.