Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 27, 2018

ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක් නිෂ්පාදනය කෙරේ

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට්  විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.

ඔහු විසින් සිදුකරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම බෝතලය නිපදවා තිබේ.

මෙම බෝතලය සම්පූර්ණයෙන්ම නිර්මාණය කර ඇත්තේ කඩදාසි හා ශාක පදනම් කරගත් අමු ද්‍රව්‍ය වලින් වීම විශේෂ වේ. එසේම මෙම බෝතලය සඳහා භාවිතා කර ඇති ලෝහමය වැස්ම වසරක් ඇතුළත දිරාපත් වන ලෙස නිර්මාණය කර ඇත. මේ සදහා කිසිදු ෆොසිල ඉන්ධනයක් භාවිතා කර නොමැති බව පැවසේ. මෙම බෝතලය මුහුදු ජීවින්‍ විසින් ආහාරයට ගන්නා අතර දිරාපත් වී පසට තැන්පත් වන බැවින් කිසිදු පාරිසරික හානියක්ද නොවේ.

පරිසර හිතකාමී මෙම නිෂ්පාදනයේ භාවිතය 2050 වන විට මෙට්‍රික් ටොන් මිලියන 500 ඉක්මවා යනු ඇතැයි බලාපොරොත්තු වේ.


ප්ලාස්ටික් භාවිතය නිසා සිදුවන හානිය ගෝලීය අර්බුදයක් වී ඇත. ප්ලාස්ටික් ටොන් මිලියන අටක් පමණ සෑම වසරකම මිනිසුන් විසින් සාගරයට මුදා හැරේ.

එම ප්ලාස්ටික් ප්‍රමාණය සෑම විනාඩියකටම ට්‍රක් රථයක පිරවූ ප්‍රමාණයට සමාන අගයකි. සාගරයේ එක් වන ප්ලාස්ටික් ටොන් මිලියන 2.4 ක් පමණ කාර්මික නිෂ්පාදන බහුල චීනය විසින් සාගරයට මුදා හරින බවට චෝදනාවක් තිබේ. චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව යන ආසියාතික රටවල් වැඩි වශයෙන් ප්ලාස්ටික් මුහුදට මුදා හරින රටවල් අතර සිටී. කාර්මීකරණය සමග ප්ලාස්ටික් භාවිතා කරන බටහිර රටවල් අතරින් 20 වැනි ස්ථානයේ පසුවන්නේ ඇමරිකාවය.