Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 26, 2018

ඉරානයෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්

තම රටට එරෙහිව ආක්‍රමණික සටනක් ආරම්භ කළහොත් ඇමරිකාව බැරෑරුම් ප්‍රතිඵලයකට මුහුණ දෙනු ඇතැයි, ඉරානය අනතුරු අඟවයි.
ඉරානයේ ඉස්ලාමීය විමුක්ති ආරක්ෂක හමුදාව 24 වැනි දින නිවේදනයක් නිකුත් කරමින් මේ අනතුරු ඇඟවීම කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි. සතුරු හමුදාවන් ඉරානයේ මිසයිල සංවර්ධන සැලැස්මට මැදිහත් වුවහොත් ඊට ප්‍රතිචාර දැක්වීමට පසුබට නොවන බවත්, ඒ සඳහා ආරක්ෂක අංශ ශක්තිමත් කරන බවත් ඉරානයේ උත්තරිතර නායක Ayatollah Seyyed AliKhamenei ප්‍රකාශ කළේය.