Social Icons

facebookrss feedemailtwitter

Friday, May 25, 2018

දුම්වැටි භාවිතයෙන් සහ දුම්වැටි අලෙවියෙන් වළකින්න

ලෝක දුම්වැටි විරෝධී දිනය මැයි මස 31 වන දිනට යෙදී තිබේ. දුම්කොළ භාවිතයෙන් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුම්කොළ භාවිතය හෘද රෝග වැළදීම සදහා ප්‍රධාන හේතුවක් වන අතර, හෘදයාබාධ වලට මෙන්ම අංශභාගය වැළදීමට ද එය මූලික හේතුවක් වේ. දුම්කොළ භාවිතය නිසා වසරකට ශ්‍රි ලංකාවේ සිදුවන මරණ සංඛ්‍යාව ආසන්න වශයෙන් 20,000 පමණ වේ. සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිට දුම්කොළ භාවිතය අවම කිරීම සදහා පියවර රැසක් ගෙන තිබේ. ඉදිරියේ දී පාසල් අවට මීටර් 100 ක් දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීම, තනි සිගරට් අලෙවි කිරීම තහනම් කිරීම සදහා කටයුතු කරනු ඇති. “දුම්වැටි භාවිතයෙන් සහ අලෙවියෙන් වැළකෙමු” මෙවර එහි තේමාවයි.