Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 27, 2018

කටාර් රාජ්‍යයට බලපෑ “මේකුනු”

“මේකුනු” යන නමින් නම් ප්‍රචණ්ඩ සුළි කුණාටුව 25 වැනි දින කටාර් රාජ්‍යයට කඩා වැදුණි. කටාර් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සුළි කුණාටුවෙන් කිසිදු බලපෑමක් තවමත් එල්ල වී නැති බවය.

‘මේකුනු’ සුළි කුණාටුව කටාරයට කඩා වැදී ඇත්තේ තද සුළං මෙන්ම මහ වැසි ද සමඟය. ‘මේකුනු’ සුළි කුණටුව කටාරයට කඩා වැදුණේ යේමනය සහ ඕමානය හරහාය. සුළි කුණාටුව හේතුවෙන් දකුණු ඕමානයේ 12 හැවිරිදි දැරියක ජීවිතක්ෂයට පත්වී ඇත. සුළි කුණාටුවට කොටු වී සිටි ආසියානුවන් තිදෙනකු බේරා ගැනීමට ඕමාන බලධාරීහු සමත් වූහ. සුළි කුණාටුව හේතුවෙන් ඕමානයේ සලල්ලා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද වසා දැමුණු බව වාර්තා විය.