Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 20, 2018

රුපියලේ අගය තවදුරටත් පහළට

රුපියලේ තවදුරටත් අව ප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.55 ක් දක්වා 17 වැනි දින පහළ ගියේය.

රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු පළමු අවස්ථාව මෙය වූ අතර, මැයි මස 11 වැනි දින ඩොලරයට සාපේක්ෂව අව ප්‍රමාණය වෙමින් රුපියලේ අගය 159.29 ක් ලෙස දැක්විණ.

එය මීට පෙර රුපියල පහත වැටුණු ඉහළම අගය විය. මේ වසරේ ජනවාරි 1 වැනි දින මැයි 11 වැනි දින දක්වා කාලයේදී ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 3.2කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. රුපියල වැඩි වශයෙන් අවප්‍රමාණය වූයේ අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.