Social Icons

facebookrss feedemailtwitter

Friday, May 25, 2018

ඉරානයට ගෙවන්න තිබු ඩොලර් මිලියන 250ක ණය වහාම ගෙවන්න ජනපතිගෙන් නියෝගයක්

ඉරානයෙන්  වසර 10 කට පමණ පෙර  ලබා ගත් ඉන්ධන වෙනුවෙන් ගෙවිය යුතු  ඇමෙරිකා ඩොලර්  මිලියන 250 ක  පමණ මුදලක්  ( රුපියල් කෝටි 3,975 ක පමණ )  වහාම ගෙවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා   මුදල් ඇමැති මංගල සමරවීර මහතාට දැනුම් දී තිබේ.

මෛත්‍රී පාල සිරිසේන මහතා මෙම දැනුම් දීම කර ඇත්තේ ජනාධිපති කාර්යාලයේ පැවැති කැබිනට් රැස්වීමේදීය. 2008 වසරේදී පමණ මාස 6 ක සහන කාලයකින් ගෙවීමේ පදනම මත ලබා ගත්  ඉන්ධන වෙනුවෙන්  ගෙවිය යුතු මෙම මුදල නිසි පරිදි නොගෙවා වසර 10 ක් පමණ තිස්සේ පවතින බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර  ඇත.