Social Icons

facebookrss feedemailtwitter

Monday, May 21, 2018

විදෙස් සංචාරකයින්ගේ වර්ධනයක්

මේ වසරේ මුල් මාස 04 තුළ විදෙස් සංචාරකයින් අට ලක්ෂ අසූ දහසක් පමණ ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම සංඛ්‍යාව ඉකුත් වසරේ මුල් මාස 04 දී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වඩා සියයට 16 ක වර්ධනයකි. පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව විසිනම දහසක් පමණය. බ්‍රිතාන්‍යයෙන් සංචාරකයින් 26, 063 ක් ද, චීනයෙන් 17,462 ක් ද, ඔස්ට්‍රේලියාවෙනි 14,023 ක් ද, ජර්මනියෙන් 10,803 ක් ද, ඇමරිකාවෙන් 8679 ක් ද වශයෙන් මෙරටට පැමිණ ඇත. මීට අමතරව ප්‍රංශය, මාලදිවයින, කැනඩාව හා රුසියාව නියෝජනය කරමින් සංචාරකයින් වැඩි පිරිසක් පැමිණ තිබේ.