Social Icons

facebookrss feedemailtwitter

Monday, May 21, 2018

චීන - ඇමරිකා ද්වීපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සාකච්ඡාව සාර්ථකයි

පසුගිය 17 වැනිදා සිට 18 වැනිදා දක්වා චීනය හා ඇමරිකාවේ නියෝජිත කණ්ඩායම් වෙළඳ ගැටළුව පිළිබඳව සාකච්ඡා පැවැත්වූහ.

ඇමරිකාවෙන් චීනයට සිදු කරන වෙළඳ ගනුදෙනු වල ශේෂය අඩු කිරීම සඳහා එළදායී පියවර යොදා ගැනීමට එහිදී දෙපාර්ශ්වයම එකඟ වී තිබේ. නිෂ්පාදන වෙළඳ භාණ්ඩ හා සේවා වෙළදාම පුළුල් කිරීමට සුහද පහසුකම් ඇති කිරීම, බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, අන්‍යෝන්‍ය ආයෝජනය දිරිගැන්වීම සහ උසස් මට්ටමෙන් අදහස් හුමවාරු කිරීම යනාදිය පිළිබඳව ද දෙපාර්ශ්වය සාකච්ඡා කර මෙහිදී පොදු එකඟතාවන්ට එළඹ තිබේ.

උප අග්‍රාමාත්‍ය ලියු හ මහතා සදහන් කර ඇත්තේ දෙපාර්ශ්වයේ පොදු එකඟතාවන්ට අනුව වෙළඳ සටනකින් තොරව අන්‍යෝන්‍ය වශයෙන් තීරු බදු පැනවීම නතරකර බලශක්තිය, කෘෂිකාර්මික නිෂ්පාදන, වෛද්‍ය සේවා, අධි තාක්ෂණික නිෂ්පාදන, මූල්‍ය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගීතා පුළුල් කිරීමට දෙරට අපේක්ෂාවෙන් සිටින බවයි.