Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 27, 2018

නාස්ති කළොත් දඩුවම් දීමට සූදානම්

සෞදි අරාබියේ වාර්ෂිකව 90%ක ආහාර ප්‍රමාණයක් අපතේ යෑම සැළකිල්ලට ගනිමින් ආහාර නාස්තිය අපරාධයක් ලෙස සලකා නීති මඟින් කටයුතු කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම නිර්මාණය කර ගැනීම සඳහා යෝජනාවක් ෂූරා සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

අදාල යෝජනාව ෂූරා සභාවට ලබන සතියේ ඉදිරිපත් කිරිමට සැළසුම් කර ඇති අතර යෝජනාවට අනුව ආහාර නාස්ති පුද්ගලයන්ට එරෙහිව විශාල දඩයක් අය කරන බව වාර්තා වේ. සෞදි රියාල් මිලියන හැත්තෑවක් වටිනා ආහාර ටොන් 427ක් දිනපතා අපතේ හරින අතර ආහාර වේල් මිලියන අටක් වන බව වාර්තා වේ.