Social Icons

facebookrss feedemailtwitter

Friday, May 25, 2018

එවරස්ට් තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා ලෙස යොහාන් පීරිස් මහතා ඉතිහාසයට එක් වෙයි

එවරස්ට් තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා ලෙස යොහාන් පීරිස් මහතා ඉතිහාසයට එක් වෙයි. නේපාල වේලාවෙන් 22 වැනි දින උදෑසන 5.55ට පමණ ඔහු මෙලෙස සාර්ථකව එවරස්ට් තරණය කර තිබේ.

යොහාන් පීරිස් මහතා 2016 වසරේ එවරස්ට් තරණය කිරීමට ගත් උත්සාහය අසාර්ථක වූයේ ඔහු රැගෙන ගිය ඔක්සිජන් ටැංකියේ දෝෂයක් හේතුවෙනි. සාර්ථකව එවරස්ට් තරණය කළ යොහාන් පීරිස් මේ වන විට කඳු මුදුනේ සිට පහතට බසිමින් සිටියි. එවරස්ට් තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන්නේ ජයන්ති කුරු උතුම්පාල යි. ඇය 2016 වසරේදී එවරස්ට් තරණය කළා ය.