Social Icons

facebookrss feedemailtwitter

Monday, May 21, 2018

ඉරාන මිසයිල වැඩසටහන පාලනය කිරීමට නව සාකච්ඡාවක්

ඉරානයේ මිසයිල වැඩසටහන පාලනය කිරීමේ අරමුණින් සාකච්ඡා ආරම්භ කිරීමට යුරෝපය, චීනය සහ රුසියාව සූදානම් වේ.

2015 වසරේදී ඉරානයේ මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් අත්සන් කළ ගිවිසුමෙන් ඇමරිකාව ඉවත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ. ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, රුසියාව සහ චීනය මෙම සාකච්ඡාව සඳහා එක්වීමට නියමිතයි. මෙතෙක් ඉරානය ඊට එක්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ස්ථිර ප්‍රකාශයක් සිදුකර නොමැති බව පැවසේ.