Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 26, 2018

රසායනික අවි තහනම් ගිවිසුමට එක්වීමට පලස්තීනය සූදානම්

රසායනික අවි තහනම් සංවිධානය 23 වැනි දින ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පසුගිය 17 වැනි දින පලස්තීනය ඊට අදාල ලිපි ලේඛන එක්සත් ජාතීනගේ මහලේකම්වරයා වෙත ඉදිරිපත් කළ බවයි.

රසායනික අවි තහනම් ගිවිසුම 1997 වසරේ අප්‍රේල් මස 29 වැනිදා සිට වලංගු වී ඇත. ඒ අනුව එම ගිවිසුම ලබන 16 වැනිදා සිට පලස්තීනය කෙරෙහි වලංගු වේ. ලොව පුරා රසායනික අවි සහ අදාළ පහසුකම් සම්පූර්ණයෙන් විනාශ කිරීම එහි ප්‍රධාන කරුණු ය. මේ වන විට රටවල් 192ක් එම ගිවිසුමට එක් ව සිටිති. රසායනික අවි තහනම් ගිවිසුමේ අරමුණු සැබෑ කිරීම සඳහා රසායනික අවි තහනම් සංවිධානය නෙදර්ලන්තයේ Hague නගරයේ ස්ථාපිත කෙරිණ.