Social Icons

facebookrss feedemailtwitter

Monday, May 28, 2018

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව ගෝලීය සෞඛ්‍ය සේවා ඉලක්ක

ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරි වසර 5 සඳහා වන ගෝලීය සෞඛ්‍ය සේවා ඉලක්ක ප්‍රකාශයට පත් කරයි. “බිලියන 3ක්” නමැති වසර 2019 - 2023 ක්‍රියාමාර්ග සැලැස්ම සම්මත කර 71 වැනි ලෝක සෞඛ්‍ය සම්මේලනය 26 වැනි දින ජිනිවාහිදී අවසන් විය.

සෞඛ්‍ය සේවා සුබසාධන ආවරණ ජනගහණය බිලියනයකින් වැඩි කිරීම, හදිසි සනීපාරක්ෂක සිද්ධි වලින් ආරක්ෂණ ජනගහණය බිලියනයකින් වැඩි කිරීම සහ සෞඛ්‍ය තත්ත්වය යහපත් ජනගහණය බිලියනයකින් වැඩි කිරීම ඉලක්ක කර ගනිමින් තම සංවිධානය කටයුතු කරන බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා එහි සමාප්ති උළෙල අමතමින් ප්‍රකාශ කළේය.