Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 2, 2018

ෆේස්බුක් නීති රීති ප්‍රසිද්ධ කරයි

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය එය භාවිත කරන්නන්ගේ නුසුදුසු අන්තර්ගතයන් ඉවත් කිරීමට භාවිත කරන ලද නීති රීති ප්‍රසිද්ධියට පත් කෙරේ.

ලොව ජනප්‍රියතම සහ වැඩිම පරිශීලකයින් පිරිසක් සහිත සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය එලෙස එම සමාජ මාධ්‍ය ජාලය භාවිත කරන්නන්ගේ අන්තර්ගත ඉවත් කිරීමට භාවිත කරන ලද හා පදනම් කරන ලද නීති රීති ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ පළමු වරටය. 


ෆේස්බුක් සමාගම මෙලෙස පළමු වරට එම නීති ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ පිටු 27 ක ලියවිල්ලක් ප්‍රසිද්ධියට පත් කරමිනි. බිලියන 2ට වැඩි පරිශීලකයන් පිරිසකගෙන් සන්නද්ධ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය පසුගිය කාලයේදී බොහෝ පාර්ශවවල දැඩි විවේචනයට ලක්විය. ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලවල තිබෙන අන්තර්ගත ඉවත් කිරීමේදී ඊට පාදක වූ ප්‍රමුඛතම කරුණු වූයේ වෛරී ප්‍රකාශ, ප්‍රචණ්ඩකාරී තර්ජන, ලිංගික හිරිහැර හා වදහිංසා යනාදියය. 

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ තිබෙන අන්තර්ගත නිරීක්ෂණය කිරීම සඳහා සේවකයන් 7,500 ක් සිටී. ඔවුහු භාෂා 40ක් ආවරණය වන පරිදි කටයුතු කරති. ආගමික, කලාපීය, සංස්කෘතික හෝ භාෂාවකට හෝ පදනම් නොවී අඛණ්ඩව සහ සාධාරණ ලෙස ෆේස්බුක් ප්‍රජාවට සේවා සපයන බවට පොරොන්දු වුවද සමාගම නිරන්තරයෙන් එසේ කිරීමට අපොහොසත් විය. ශ්‍රී ලංකාව සහ මියන්මාරය යනාදි රටවල ඇති වූ වාර්ගික ගැටුම්වලට මූලික විය.